Friday, May 1, 2020

Riverston - රිවස්‌ටර්න් - බටඅඬුකන්ද

බටඅඬුකන්ද - ඒත් බොහෝ දෙනෙක්‌ මෙතැන දන්නේ "රිවස්‌ටර්න්" කියලා කිව්වොත් විතරයි.
බටඅඬුව සුළං කපොල්ල නොහොත් "රිවර්ස්‌ටර්න්" පිහිටා ඇත්තේ මාතලේ දිස්‌ත්‍රික්‌කයේ ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාය තුළයි. ඊට වැඩි දෙයක්‌ මේ පිහිටීම ගැන අපට කතාකරන්න අමාරුයි. ඒ සංචාරක පිsරිස්‌වලින් මෙතනට සිදුවන පාරිසරික විනාශය නිසා. ඇත්තටම බටඅඬුව සුළං කපොල්ල අතිශය අලංකාර තැනක්‌. ඒවගේම සෞම්‍ය දේශගුණයක්‌ ඇති අතිශය විරළ පරිසර පද්ධතිවලින් සමන්විත පරිසර නිකේතනයක්‌ හැටියට හැඳින්වීමත් වැරැද්දක්‌ නැහැ.
දුම්බර කඳුකරයේ එම වනාන්තරයේ වගේම දුම්බර ආශ්‍රිත ගම්මානවල සුන්දරත්වය නරඹන්නත් බටඅඬුව සුළං කපොල්ල කදිම තැනක්‌. මෙම සුළං කපොල්ල ප්‍රදේශයේ සිට බලනවිට මහියංගනයේ සොරබොරවැව ඇතුළු ලොකු කුඩා වැව් ගණනාවකටම ඉහළින් ඈත නැගෙනහිර පළාත දක්‌වා අපූරු දර්ශන තලයක්‌ නෙත ගැටෙනවා. හිරුබැස යන හැන්දැවේ මෙතන සිට දකින මේ දර්ශන තලය හරිම අපූරු සිත්තමක්‌ කිව්වොත් වැරදි නැහැ. ඒ වගේම දුම්බර කඳුකරයට අයත් ප්‍රධාන කඳුවැටි 34 කින් බහුතරයක්‌ දැකබලා ගන්නත් බටඅඬුව කපොල්ල කදිම ස්‌ථානයක්‌. ලකේගල, තුනිස්‌ගල, මානිගල, යකුන්නේගල, සුදුකන්ද, පතනේගල, ගොම්බානීය වගේ ප්‍රකට කඳුවැටි රාශියක්‌ මෙහි සිට දැකබලාගත හැකියි. සැබැවින්ම මෙහි සිට බලන කල අපට දැකගත හැක්‌කේ මේ ශ්‍රී ලංකාවේද යන්න නිතැනින්ම කියෑවෙන තරමේ අපූරු විශ්මයජනක දර්ශන තලයක්‌.
එකිනෙක තෙරපීගත් කඳු සංකීර්ණයක්‌ වන මෙහි කඳුකර වන වියනක්‌ සහිත දුම්බර වනාන්තර යේ කඳුඅතරින් රූරා හැලෙන හිරු රැස්‌ දහරා මේ අපුරු පරිසරය තවදුරටත් විචිත්‍රනය කරවනවා.
බටඅඬුව කපොල්ලෙන් කෙළින්ම පහළ බැලුවිට අපට දැකගන්නට ඇත්තේ දළ බෑවුමට පහළින් ඇති පිටවල, ඇටන්වල, කෙත්වතු සංකීර්ණයයි. හෙල්මලු කුඹුරුයායේ විචිත්‍රත්වය නරඹන්නට මේ ස්‌ථානය නම් කියාපු තැනක්‌. දර්ශන තලයේ ඉදිරියෙන්ම දැකගත හැක්‌කේ මානිගලයි. මෙම පර්වතය දකුණු පසින් කෙළවරේ ඇති කපොල්ල තරණය කර වල්පොලමුල්ල ගම්මානයට යා හැකිය.
කුරුමිට්‌ටෙක්‌ තරම් පහළින් පෙනෙන මානිගලේ මුදුන සුළං කපොල්ලේ සිට කදිමට නිරීක්‍ෂණය කළ හැකිය. එය පෙනෙන්නේ විශාල ක්‍රීඩා පිට්‌ටනියක්‌ ලෙසටයි. මානිගලට ඉහළින් ඈත ගුවන් ගැබ සිපගන්නේ වමාරපුගල, ලකේගල වැනි ඉහළ කඳුමුදුන් වලින්. ඒ අතර තුන්හිස්‌ගල උඩ දූවිලි ඇල්ල ඇති කළුපහන කන්ද මෙහි සිට කදිමට දැකගත හැකියි.
මේ දර්ශන තලයේ වම්පසින් පහළ දුම්බර වනපෙතේ තවත් අද්විතීය පරිසර නිකේතනයක්‌ පිහිටා තිබෙනවා. ඒ පිටවල පතන් භූමි කලාපයයි. අතීතයේදී මෙම ප්‍රදේශය තේ වතුවලින් සමන් විත ගෝණමඩවත්ත සහ බේගෲප් වතු පිහිටි ප්‍රදේශයයි. මෙම තේ වතුවලින් කොටසක්‌ එකල බ්‍රිතාන්‍යයේ මහරැජිනගේ නමටත් තිබූ බව කියනු ලැබෙනවා. එහි වතු බංගලාව පසුව ජෝන් කොතලාවල මහතාට හිමිව තිබී කාලයත් සමග වතු හිමිකරුවන්ගෙන් පැමිණ අද අවන්හලක්‌ බවට පත්වෙලා. ලග්ගල බංගලාව නමින් ප්‍රකට මෙම ස්‌ථානය පතනේගල හෙවත් කවුඩාගම්මාන කඳු පාමුල අදටත් දැකගත හැකිය. එකල මෙහි සුදු ජාතික වැවිලිකරුවන්ගේ පාරාදීසයක්‌ව තිබි ඇත. මාතලේ රත්තොට හරහා පැමිණි මෙම වැවිලිකරුවන් අසුන්ගේ පිටේ නැඟී පැමිණ ගම්මඩුව හරහා රිවර්ස්‌ටන් දුර්ගය නැග ගෝනමඩවත්ත ප්‍රදේශයට පැමිණ තිබෙනවා.
නිහඬ, නිසංසල එමෙන්ම සුන්දරත්වයෙන් හා සෞම්‍ය කාලගුණික සාධකවලින්ද අනූන මෙම ප්‍රදේශය සොබාදහමේ අරුමය කියාපාන වැදගත් භූමි භාගයක්‌.

#Riverston #Camping